තෙල් මිලෙන් ජනතාවට අත්වෙන්න තිබුණු රු.බිලියන 400ක වාසිය කොල්ලකාලා මදිවට තවත් කොල්ලකනවා - මංගල (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 12, 2021

තෙල් මිලෙන් ජනතාවට අත්වෙන්න තිබුණු රු.බිලියන 400ක වාසිය කොල්ලකාලා මදිවට තවත් කොල්ලකනවා - මංගල (VIDEO)

පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.

ඒ,අද (12) ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

2018 වසරේදී  තමන් මුදල් ඇමතිවරයා ලෙස හඳුන්වා දුන් මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට එමඟින් ජනතාවට තෙල් මිල අඩුවීමේ වාසිය ලැබෙන බවයි හිටපු අමාත්‍යවරයා කියාසිටියේ. 

ඩොලර් 63.19ක්ව තිබුණු තෙල් බැරලයක මිල කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී  ඩොලර් 26ක් දක්වා ඓතිහාසික ලෙස අඩු වූඅතර සෘණ දක්වාම පහළ ගියද එහි වාසිය මෙරට ජනතාවට අත් නොවුණු බවයි ඔහු පෙන්වාදුන්නේ. 


මංගලගේ මිල සූත‍්‍රය අනුව අද ඉන්ධන මිල ගණන්

තවද තමන් විසින් මුදල් ඇමැති ධුරය දරන සමයේ හඳුන්වාදුන් මිල සූත්‍රය අනුව අද වන විට මෙරට ඉන්ධන පැවතිය යුතු මිල ගනන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම මිල ගනන් හෙළි කර ඇත.






No comments:

Post a Comment

Post Bottom Ad