සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 18, 2021

සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි

ජපාන රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය කිරීම අත්හිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව ඇත.

වාර්ෂිකව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරනු ලබන රජයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් මේ බව හෙළි වී ඇත.

අදාළ ව්‍යාපෘතියේ උපදේශන සේවා සඳහා රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් එම මුදල පසුගිය වසරේ රජයේ මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නැති බව ද විගණකාධිපතිවරයා හෙළි කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad