ගම්මන්පිල නිසා ආණ්ඩුවේ පිරිසක් දැඩි තීන්දුවක! විමල්ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

ගම්මන්පිල නිසා ආණ්ඩුවේ පිරිසක් දැඩි තීන්දුවක! විමල්ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් !

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (13) අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. 

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි වාර්ත වන්නේ.

ඒ අතර අමාත්‍ය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුලු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක මැතිඇමැතිවරුන් රැසක්ම සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පාර්ශ්වන්ගේ සම්පූර්ණ සහාය උදය ගම්මන්පිල මහතා වෙත හිමිවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, "උදය ගම්මන්පිල ඇමතිතුමාට අස්වෙන්න කියලා සාගර කාරියවසම් කියලා තිබුණා නේ. ඒක ගැනයි සාකච්ඡා කළේ. අපේ සහාය එතුමට තියෙනවා."


No comments:

Post a Comment

Post Bottom Ad