ජනතා බදු මුදලින් මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමේ යෝජනාව SJB ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

ජනතා බදු මුදලින් මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමේ යෝජනාව SJB ප්‍රතික්ෂේප කරයි

බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබා දීම සඳහා වූ රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ, රට තුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබා දීම සඳහා උපයෝගි කර ගන්නා ලෙස රජයට බල කරන බවය. 

දේශපාලනඥයන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදා ගැනීම සමගි ජන බලවේගය කිසිදින අනුමත නොකරනු ඇතැයි ඔහු පවසයි. 

දේශපාලනඥයින්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම වෙනුවට එම සම්පත් සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසා ආයෝජනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad