යාපනේ වෙරලට ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

යාපනේ වෙරලට ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි

යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට දීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති.

රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසන් පෙන්වා දෙයි.

අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස උතුරු මුහුදු තීරයට දැමීමෙන් ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad