අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින් - පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින් - පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි. මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad