රනිල්ව පාර්ලිමේන්තුවට නම් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

රනිල්ව පාර්ලිමේන්තුවට නම් කෙරේ !

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අද (16) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට නියමිත බව වාර්තා වේ. 

2020 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මුළු දිවයිනෙන්ම ලබාගත හැකිවූයේ ඡන්ද 249,435ක් පමණි. එම ඡන්ද වලින් දිස්ත්‍රික් මට්ටමින් එකදු ආසනයක්වත් දිනාගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම ආසනයට ද පසුගිය මාස 9ක් තිස්සේම මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට නොහැකි වී තිබිණි. 

රනිල් වික්‍රමසිංහ මහතා 1977 මහමැතිවරණයේ සිට 2020 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරුම අඛණ්ඩව වසර 43ක් මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර පස්වතාවක් මෙරට අගමැති ධුරයෙහි දිවුරුම් දුන් අත්දැකීම් සපිරි දේශපාලනඥයෙකි. 

1994 වසරේ සිටම එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්වය දරන්නේ ද ඒ මහතාය. 


No comments:

Post a Comment

Post Bottom Ad