ගෝඨාභය ලග ඉන්න ප්‍රධාන හෙංචයියා පී.බී. ජයසුන්දර...ඔහුව වහාම ධුරයෙන් ඉවත් කරන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

ගෝඨාභය ලග ඉන්න ප්‍රධාන හෙංචයියා පී.බී. ජයසුන්දර...ඔහුව වහාම ධුරයෙන් ඉවත් කරන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. ඊයේ (15 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ රජයට අවධාරණය කරන ලද්දේ වත්මන් ජනාධිපති ලේකම්වරයා ඉවත් නොකරන්නේ නම් ඉතාම නුදුරු අනාගතයේදී ඊට එරෙහිව දැඩි විරෝධයක් දැක්වීමට සිදුවන බවයි.

යම් නිලධාරියෙක් තමා රජු යැයි සිතාගෙන කටයුතු කරනවා නම් ඊට එම නිලධාරියාට දොස් පැවැරිය නොහැකි වන්නේ එය පාලකයන්ගේ වරදක් නිසා.’ යැයි උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ. ඕනෑම පුද්ගලයකු වටා හෙංචයියන් සිටින අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වටා සිටින ප්‍රධාන හෙංචයියා පී.බී. ජයසුන්දර බව ද ආනන්ද හිමියෝ පෙන්වා දුන්හ.

වර්තමාන තත්ත්වයට ජනාධිපතිවරයාව පත්කරන ලද්දේ පී.බී. ජයසුන්දර විසින් බව කී උන්වහන්සේ මෙම තත්ත්වය හමුවේ වත්මන් ආණ්ඩුව ජනතාව විසින් පිළිකුල් කරනු ලබන බවට රජය පත්විය හැකි බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

නයන තරංග ගමගේ


No comments:

Post a Comment

Post Bottom Ad