යුරෝපා කොමිසමේ සද්දයට ආණ්ඩුව හෙල්ලෙයි! ලංකාවට එන්න කියයි! ත්‍රස්ත පනත වෙනස් කරන්නත් සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

යුරෝපා කොමිසමේ සද්දයට ආණ්ඩුව හෙල්ලෙයි! ලංකාවට එන්න කියයි! ත්‍රස්ත පනත වෙනස් කරන්නත් සූදානම්!

ශ‍්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර සම්මුතීන් 27කට අනුගත ආකාරයෙන් කි‍්‍රයා කිරීමට ශ‍්‍රී ලංකා රජය අපොහොසත් වන්නේ නම් මෙරටට ලබා දී තිබෙන ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කිරීමට සිදුවන බවට යුරෝපා පාර්ලිමේන්තුව කළ අනතුරු ඇගවීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් සලකා බැලීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

එමෙන්ම යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිත කණ්ඩායමකට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට රජය සූදානමින් සිටින බවද එම වාර්තාවේ සදහන්ය.

යුරෝපා සංගමයට අයත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බව විදේශ කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම වෙබ් අඩවියට ප්‍රකාශයක්ද ලබා දී තිබේ.

උපුටා ගැනීම : mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad