ජනපති-අගමැති හෑල්ලු කල පොහොට්ටු ලේකම්ගේ ලිපිය ගැන කැබිනෙට්ටුවේදී ප‍්‍රශ්න කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

ජනපති-අගමැති හෑල්ලු කල පොහොට්ටු ලේකම්ගේ ලිපිය ගැන කැබිනෙට්ටුවේදී ප‍්‍රශ්න කෙරේ !

උදය ගම්මන්පිල මහතාට ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ප‍්‍රශ්ණ කිරීමට ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයන් තීරණය කර තිබේ. ඊයේ පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී රැස් වූ පක්ෂ නායකයන් මෙම තීරණයට එළැඹ තිබේ.

කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති එම මතබේදාත්මක නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමටද එම පක්ෂ නායකයන් විසින් තීරණය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad