ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි- නාමල්…මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා - ගම්මන්පිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි- නාමල්…මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා - ගම්මන්පිල

ඉන්ධන මිල මේ අවස්ථාවේදී වැඩි නොකර සිටියේ නම් වඩා සුදුසු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම තීන්දුව ගැනීමට මැදිහත්වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ එහි නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

නමුත් එය එසේ නොවුනා නම් වඩා සුදුසු බවත් ඒ ගැන ඉදිරි කාලයේදී ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර යම්කිසි තීරණයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රැස් වූ ජීවන වියදම් කමිටුව සාකච්ඡාව සදහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වූ බවයි.

කමිටු සාමාජිකයන් සියලු දෙනාම ගේම එකගත්වයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad