ඔන්ලයින් මත්පැන් යෝජනාවේ අවසාන තීරණය ප්‍රකාශ කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

ඔන්ලයින් මත්පැන් යෝජනාවේ අවසාන තීරණය ප්‍රකාශ කෙරේ !

මත්පැන් ඔන්ලයින් ක්‍රමවේදයට අලෙවි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සුරාබදු දෙපාර්තමේන්තුවට හිමිවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා.

මෙම අනුමැතියත් සමග සුපිරි වෙළඳසැල්වලින් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිලදී ගන්නා ආකාරයට මත්පැන් ද මිලට ගැනීමට හැකියාව ලැබෙනවා.

පවතින සංචරණ සීමා හේතුවෙන් මත්පැන් අලෙවිසැල් ද මේවන විට වසා දමා ඇත්තේ දින ගණනාවක් තිස්සේ යි.

මෙවන් වාතාවරණයක් මත ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් ද මිලට ගැනීමේ අවස්ථාව ලබා දෙන ලෙස විවිධ පිරිස් ඉල්ලීම් කොට තිබුණා.

එමෙන්ම මත්පැන්හල් වසා දැමීම හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය මෙන්ම අලෙවිය ද ඉහළ ගොස් ඇති බව වාර්තාවනවා.

එය ජනතාවගේ සෞඛ්‍යට ද එල්ල කරන්නේ භයානක අවදානමක්.

සුරාබදු දෙපාර්තමේන්තුව ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමට අදාළ යෝජනාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණේ මෙම තත්වයන් සැළකිල්ලට ගනිමින්.


No comments:

Post a Comment

Post Bottom Ad