ශානි අබේසේකර මහතා ඇතුළු තවත් තුන්දෙනෙකුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති මෙම නඩුව අද යළි කැදවනු ලැබුවා.
අභියාචනාධිකරණය ලබාදුන් ඇප කොන්දේසි පිළිබද නියෝගය ගම්පහ අධිකරණයට නොලැබී තිබීම හේතුවෙන් විත්තිකරුවන් යළි ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමටයි අධිකරණය නියෝග කළේ.පවත්නා තත්ත්වය හමුවේ විත්තිකරුවන් කැදවීමකින් තොරවයි නඩුව විභාගයට ගැනුණේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්මයාව දැඩි ඇප කොන්දේසි යටතේ මුදාහරින්න අධිකරණය නියම කළා.
ශානි අබේසේකර හා පොලිස් පරික්ෂක සුගත් මෙන්ඩිස් යන දෙදෙනා තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොණු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි මෙසේ ඔවුන්ට ඇප නියම කෙරුණේ.
ඒ අනුව සැකකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.
සැකකරුවන්ගේ විදේශ ගමන්බල පත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් අධිකරණයේ අනුමැතියකින් තොරව විදෙස්ගතවීම් ද තහනම් වන බවත් මෙහිදී අවධාරණය කෙරුණා.
සැකකරුවන්ගේ පදිංචි ලිපිනයන් වෙනස් කරන්නේ නම් ඒ පිළිබද අධිකරණය දැනුවත් කිරීමද සිදු කළ යුතු බවයි අභියාචනාධිකරණය මෙහිදී තවදුරටත් දැනුම් දුන්නේ. ශානි අබේසේකර මහතා පාස්කු සිදුවීම පිලිබද සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ මෙන්ම දේශපාලන පලිගැනීම පිලිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ද සාක්ෂි ලබා දී තිබුණා.


No comments:
Post a Comment