සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි - වේලාසන දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි - වේලාසන දැනුම් දේ !

සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට වසා දමන්නට සිදුවන තත්වයක් ඇති වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එනිසා ජනතාව දැන් තීරණය කළ යුත්තේ සුළු වශයෙන් වැඩකරගෙන වසර මෙම වසර අවසන් වන තෙක් සිටින්නේ ද නැතිනම් සති දෙකකින් නැවත රට වසා දමන්නේද යන්න බව ඒ මහතා පැවසීය.

පසුගිය සංචාරණ සීමා ක්‍රියාත්මක වූ සමයේ දී අත්‍යවශ්‍ය සේවා ලිපි යවමින් අත්‍යවශ්‍ය නොවන බොහෝ පිරිස් ආයතන ප්‍රධානීන් විසින් කැඳවීම් කර තිබූ බවද පැවසූ ඔහු මෙවර එම තත්ත්වය ඇති නොකර ගත යුතු බවද කියා සිටියේය.

රූපවාහිනි නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad