ත්‍රස්ත පනත වෙනස් කරන්න ඇමැති අනු කමිටුවක්! කැබිනට් පත්‍රිකාව සූදානම්!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

ත්‍රස්ත පනත වෙනස් කරන්න ඇමැති අනු කමිටුවක්! කැබිනට් පත්‍රිකාව සූදානම්!!

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම හා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් මෙම ඒකාබද්ධ කැබිනට් සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ත්‍රස්තවාදී කණ්ඩායම් ඩිජිටල් හා අතථ්‍ය අවකාශය භාවිත කරමින් ඒ හරහා ඔවුන්ගේ අදහස් හා ආකල්ප ප්‍රචාරණය කළ හැකි සීමා වඩාත් පුළුල් කර ගැනීමක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා පවතින නීති සංශෝධනය කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.

සමාජ මාධ්‍ය හා අන්තවාදය වෙත පොළඹවාගැනීම වැළැක්වීම සහ අන්තවාදී සිදුවීම් නැවතත් ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ දේශීය බලධාරීන් සතු අධීක්ෂණල විමර්ශන සිදු කිරීමේ බලතල ශක්තිමත් කිරීම සඳහාද නීති සම්පාදනය කිරීමට ද යෝජිතය.

ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීමල ප්‍රමිතීන් සහ රීතීන් සැලකිල්ලට ගනිමින් මෙම ජාත්‍යන්තර සම්මුතීන් ශ්‍රී ලංකාවේ දේශීය නීති පද්ධතියට හඳුන්වාදීම තුළින් එම සම්මුතීන්ට කිසියම් අපහාසයක් හා හානියක් සිදු නොවන බව තහවුරු
කරමින්, මෙරට ජාතික ආරක්ෂාව මෙන්ම මෙරට රජය සතු ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ වගකීම් තුළ සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකි පරිදි නව ත්‍රස්ත මර්දන නීති සම්පාදනය කිරීමට යෝජනා කර ඇතැයිද සඳහන් වෙයි.

අදාළ පනත අධ්‍යයනය කර සිදු කළ යුතු සංශෝධන යෝජනා කිරීම සඳහා ඉහත යෝජිත අරමුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීම සඳහා පත් කිරීමට යෝජිත අනුකමිටුවට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මෙම අනුකමිටු වාර්තාව මාස තුනක කාලයක් තුළ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවටද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇතැයි ‘අද’ පුවත්පත අනාවරණය කොට ඇත.

කෙසේවෙතත් පසුගිය සතියේදී යුරෝපා කොමිසම මගින්ද ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් විය යුතු බවට යෝජනා සම්මත කොට තිබිණ.

එසේ නොකරන්නේ නම් ජීඑස්පී ප්ලස් සහනය අහිමි වී යාමේ අවදානමක් පවතින බවද සදහන් විය.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad