රන්ජන් දැඩි ආරක්ෂාවක් මැද ගාල්ලට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

රන්ජන් දැඩි ආරක්ෂාවක් මැද ගාල්ලට !

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) උදැසන කරාපිටිය රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.
ඒ වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහායි.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඒ මහතා ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුලද පොලිස් ආරක්ෂාව තරකර තිබෙන බවයි වාර්තා වන්නේ.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවු ඒ මහතා සිව් අවුරුදු සිර දඩුවමකට යටත්ව අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad