ආණ්ඩුවේ ඔන්ලයින් අරක්කු බෙදිල්ලට ආණ්ඩුවෙන්ම විරෝධය ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

ආණ්ඩුවේ ඔන්ලයින් අරක්කු බෙදිල්ලට ආණ්ඩුවෙන්ම විරෝධය !

මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බවත් කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ වන විට ආසාදිතයින්ගේ යම් අඩුවක් පෙන්නුම් කළද කොරෝනා මරණ සංඛ්‍යාවේ යම් ඉහළ යාමක් පවතින බවත් එම තත්වය තව සති දෙක තුනක් පවතිනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

විශේෂයෙන්ම ගම්මානවල නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඊට පිළියමක් ලෙස නව ක්‍රමය හදුන්වා දෙන්නට ඇති නමුත් ඊට තමා පුද්ගලිකව ද විරුද්ධ බව කීවාය.

මාතර බෝධී ආරක්ෂක සභාව මගින් මාතර මහ රෝහලට රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා උපකරණ ප්‍රදානය කිරිමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය ඒ බව කීවාය.


No comments:

Post a Comment

Post Bottom Ad