විමල්ට-ගම්මන්පිලට ඇමති ධුර නැතිවෙන තැනකට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

විමල්ට-ගම්මන්පිලට ඇමති ධුර නැතිවෙන තැනකට…

 
උදය ගම්මන්පිල විමල් වීරවංශ වැනි ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වලින් කෑලි ගැලවෙන තැනට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙසේ කියා සිටියේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

පොස්පේට් සමාගම තිබිය යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බවත් එහි නිපදවන පොහොර කෘෂි කර්මාන්තයට යොදා ගැනීම වෙනම කටයුත්තක් බවද ඒ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම් අස්වෙන්නේ ඔහුගේ අමාත්‍යාංශයෙන් කෑලි ගැලවෙන්නේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ලියුම් ලැබෙන්නේ ඔවුන්ගේ අමාත්‍යාංශ අහිමිවන, අමාත්‍යාංශයවල කෑලි ගැලවෙන තැනකට පත්ව ඇති නිසා බව ද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad