එළැඹෙන 21 වන දා රට යළි විවෘත කිරීමට තීරණය කර ඇත්තේ වසංගත රෝග විද්‍යා අංශය මගින් නිවැරදි දත්ත ලබා දී නොමැති තත්ත්වයක් තුළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා පවසයි. වාර්තා වන රෝගීන් ප‍්‍රමාණය, ආසාදිතයන් සංඛ්‍යාව සහ රෝගය ව්‍යාප්ත වීමේ ස්වරූපය පිළිබදව නිවැරදි දත්ත ලබා ගැනීමෙන් පසුව පමණක්, රට යළි විවෘත කරන දිනය පිළිබදව තීරණය කළ යුතුව ඇති බවයි ඔහු පවසන්නේ.
දැනට වසංගත රෝග විද්‍යා අංශය මගින් ලබා දී තිබෙන දත්ත පිිළිබදව කිසිදු විශ්වාසයක් නැති බවත්, එම තත්ත්වය තුළ 21 වන දා රට යළි විවෘත කිරීමෙන් කෙබදු තත්ත්වයක් උද්ගත වේදැයි අනුමාන කළ නොහැකි බවද ඔහු පවසා තිබේ.
දිවයින ඇසුරෙනි.


No comments:
Post a Comment