මන්ත‍්‍රිකම දෙන්නෙ නෑ.. ඒක මගේ.. මං පහම ඉන්නවා…- රතන හිමි මන්ත‍්‍රීකමට යුද ප‍්‍රකාශ කරති… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

මන්ත‍්‍රිකම දෙන්නෙ නෑ.. ඒක මගේ.. මං පහම ඉන්නවා…- රතන හිමි මන්ත‍්‍රීකමට යුද ප‍්‍රකාශ කරති…

 
තමන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැතැයි අපේ ජන බල පක්ෂයේ පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ. උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවූ වාර්තා පිළිබඳව විමසූ විට උන්වහන්සේ එසේ කියා සිටියහ.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි බවත් එසේ ඉවත් වීමට කිසිවකු සමග කිසිදු එකඟතාවයකට තමන් පැමිණ නැති බවත් පවසන උන්වහන්සේ සම්පූර්ණ ධුර කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරන බවද සඳහන් කළහ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරන්නේ ජූලි මස පස් වැනිදාට රතන හිමියන්ගේ එකගතා කාලය අවසන් බවත් රතන හිමියන් කරන්නේ කුමක් දැයි බලා සිටින බවත්ය.

එකඟතාව අනුව නම් උන්වහන්සේ දිවුරුම් දී මාස 06කින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවත් එහිමියෝ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad