සජිත් විසිවෙයි..මීළග විපක්ෂ නායක රනිල් ? ආණ්ඩුවේ ප‍්‍රබලයන් කීප දෙනෙකුගේත් සහාය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

සජිත් විසිවෙයි..මීළග විපක්ෂ නායක රනිල් ? ආණ්ඩුවේ ප‍්‍රබලයන් කීප දෙනෙකුගේත් සහාය

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ. ආණ්ඩුව තුළ සිටින ක ල කිරී ඇති මන්ත‍්‍රීවරු, විපක්ෂයේ භූමිකාව පිළිබඳව නොසෑහීමකට පත්ව ඇති මන්ත‍්‍රීවරු එක් කරගනිමින් මෙම සැලසුම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් මේ වන විටත් එහි සාකච්ඡුා අවස්ථා කිහිපයක්ම සිදු කර ඇති බවද සඳහන්ය.

සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කර සමගි ජන බලවේගය තුළ යෝජනාවක් සම්මත කර ගැනීම මෙම සාකච්ඡවන්හි අභ්‍යන්තරික තොරතුරු හෙළිවීමත් සමඟ සිදුවූවක් බව ද වාර්තා වේ.

දැනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කරන සජිත් පේ‍්‍රමදාස මහතා ඉන් ඉවත් කර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වන රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරීම එකී සැලසුම බව කියවේ.

මෙම සාකච්ඡා සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගේ සහාය හිමිවී ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුර තොරතුරු වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad