නෞකාවේ ගි න්නේ තාපයෙන් සහ රසායනික ද්‍රව්‍ය නිසා කෑස්බෑවුන් මිය ගිය බව මාධ්‍ය හමුවකට එක්වූ පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
කැස්බෑවුන් මිය ගිය හේතුව අපිට provisionally කියන්න පුලුවන් ආකාර දෙකක්.එකක්,තමයි පිළිස්සීමෙන් මියගිහින් තියෙනවා.තාපය නිසා සහ රසායනික ද්‍රව්‍ය නිසා මිය ගිහිල්ලා තියෙනවා.ඒක බොහොම පැහැදිලිව පේන දෙයක්.
ගි නි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මේ වන විට මිය ගිය කැස්බැවන් 50 හට ආසන්න සංඛ්‍යාවකගේ සිරුරු දිවයින පුරා වෙරළ තීරයන්ට ගොඩ ගසා ඇත.
අවුරුදු 80ක 100ක ජීව කාලයක් සහිත මෙම කැස්බෑවන්ගෙන් වෙරළ ට ගොඩ ගසා ඇත්තේ මිය ගිය සිරුරු 10% 15% අතර ප්‍රමාණයක් බවත් 50% පමණ ගැබුරු මුහුදට ගසාගෙන ගොස් ඇතැයි විස්වාස කරන බවට ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා සදහන් කරයි.
මේ අතර මේ පිළිබද අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසන්නේ වාරකන් කාලේ සතුන් අනතුරට ලක්වන බවත් ගොඩබිමට සතුන් ගසාගෙන පැමිණිම අසාමාන්‍ය සිද්ධියක් නොවන බවත් ඔහු පවසයි.එසේම නැවේ අනතුර සමග මෙය සම්බන්ද කිරීමට උත්සහ දරන බව ඔහු ප්‍රකාශ කරයි.


No comments:
Post a Comment