DIG දේශබන්දු මාව පැහැර ගත්තා.. මරන්න ගෙනිහින් රතන හිමි මන්ත‍්‍රී කරන්න අත්සන් ගත්තා - වේදිනිගම හිමියන් මාධ්‍ය අමතයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

DIG දේශබන්දු මාව පැහැර ගත්තා.. මරන්න ගෙනිහින් රතන හිමි මන්ත‍්‍රී කරන්න අත්සන් ගත්තා - වේදිනිගම හිමියන් මාධ්‍ය අමතයි - (video)

පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබාදීම සඳහා අත්සන් කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් තමන්ට තර්ජනය කළේ යැයි එම පක්ෂය හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති.

අන්තර්ජාල නාලිකාවක් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ එම මන්ත්‍රීධුරය පිළිබඳ ගැටළුව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම් දී ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහාන නිවස තුළදී මෙම සිදුවීම සිදු වූ බවය.

එහිදී තමන් වහන්සේ පැහැරගැනීමකට ලක්වූ බවත් දවස් කිහිපයක් කෑම බීම නොදී රඳවාගෙන බලහත්කාර සිට බලහත්කාරයෙන් අත්සන් ලබා ගත් බවත් උන්වහන්සේ කියා සිටිති.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙයට සම්පූර්ණයෙන් වග කිය යුතු බවද වේදනිගම හිමියෝ කියා සිටිති.

සමාජ ජාලවලවලට මුදාහැර ඇති අදාළ වීඩියෝ මෙහි දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad