Chairman of X-Press Pearl’s local agency arrested - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

Chairman of X-Press Pearl’s local agency arrested

ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වුණු X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති, අර්ජුන හෙට්ටිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නෞකාවේ කපිතාන්වරයා, මව් සමාගම සහ එහි දේශීය නියෝජිත සමාගම අතර සිදු වුණු සන්නිවේදන කටයුතු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කළ බවත් එහිදී මෙම දේශීය සමාගමේ නොසැලකිලිමත් ක්‍රියාවක් පිළිබඳව කරුණු අනාවරණය වුණු බවත් ය.

ඒ අනුව, අදාළ සමාගමේ සභාපතිවරයා සමුද්‍රීය ආරක්ෂණ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු අද (ජූනි 16) කොළඹ මහධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad