‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි !

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.

එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතා පා ගමනක් සදහා ඉන්ධන භාවිත කරන විවිධ ක්‍ෂෙත‍්‍රවල පිරිස් හා වාහනද ඊට එක් කරගෙන ඇත.

අනතුරුව මන්ත‍්‍රීවරුන් පාපැදි සහ කරත්තවලින් පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් ඇත.

ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත් පත් වැටී තිබිණ අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම දරාගත නොහැකි තත්ත්වයක් බවද පවසන එම පක්ෂය ඉදිරියේදී රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමටද කටයුතු සූදානම් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad