රටට ආදරය ඇති,රට ඉදිරියට ගෙන යා හැකි ජනතා හිතවාදී නායකයෙක් ඉදිරි කාලයේදී සොයා ගත යුතුව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.
තමන් බඩ පිරෙන්නට කා ජනතාවට පටි තද කරගන්න කියනා නායකයෙක්ගෙන් රටට පලක් නැති නැති බවයි උන්වහන්සේ කියාසිටියේ.
එමෙන්ම නව නායකයා රටේ දේපළ විකුණන පුද්ගලයෙක් නොවිය යුතු බවද උන්වහන්සේ කියාසිටියහ.
ඒ අනුව රටේ ඉදිරි ගමනට හොඳ කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විටත් සාකච්ජා පවත්වමින් සිටින බවයි මෙහිදී උන්වහන්සේ පැවසුවේ.


No comments:
Post a Comment