15 වියැති දැරිය හඬ අවදි කරයි! අතවර කළ දෙදෙනෙකුට වැඩ වරදී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

15 වියැති දැරිය හඬ අවදි කරයි! අතවර කළ දෙදෙනෙකුට වැඩ වරදී !

අන්තර්ජාලය හරහා අලෙවි ලිංගික කටයුතු සඳහා අලෙවි කළ 15 හැවිරිදි දැරිය විසින් ඇයට අතවර කළ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අද (15) දිනයේ දී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ දී පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී.

මෙලෙස හඳුනාගෙන ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පෞද්ගලික නැව් සමාගමක කපිතාන්වරයෙකු සහ ඔහුගේ සහාකාර කාපිතාන්වරයාවයි.

 මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් අධිකරණයේ දී පවසා තිබුණේ වින්දිත දැරිය විසින් සැකකරුවන් දෙදෙනාව ඉතාමත් පහසුවෙන් හඳුනාගත් බවයි.

හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව විත්තිකාර පාර්ශවය විසින් අධිකරණය වෙත දන්වා තිබුණේ සිදුවීමට අදාළ විමර්ශන අවසන් බැවින් සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදෙන ලෙසයි.  ඒ අනුව රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප මත සැකකරුවන්ට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.

එමෙන්ම සෑම ඉරිදා දිනයකම අදාළ සැකකරුවන් දෙදෙනා විසින් කොළඹ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවට නියෝග කර තිබුණා. 

එමෙන්ම මෙම සිදුවීමට අදාළව සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද ඔවුනට අධිකරණය විසින් අවවාද කර තිබුණු අතර එසේ නොකළහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද පවසා තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad