බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකම් කල බාලවයස් දැරියක් ගිනි තබාගෙන මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකම් කල බාලවයස් දැරියක් ගිනි තබාගෙන මිය යයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි බාලවයස්කාර දැරියක් මරණයට පත්වී තිබේ.

මෙම දැරිය පිළිස්සුම් තුවාල සහිතව පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එය අද දිනයේ මියගිය බව ජාතික රෝහල් තහවුරු කරයි.

ඇය මුලුතැන්ගෙට ආසන්න කාමරයක නවතැන් ගෙන සිටි ඇති අතර එහි තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

නිවැසියන් පවසා ඇත්තේ ඇඳුම් ගිනිගෙන තිබියදී ඇය කාමරයෙන් එළියට පැමිණි බවයි.

මියගොස් ඇති බාලවස්කාර දැරිය හැටන් ප‍්‍රදේශයේ පදිංචිකාරිනියකි.

සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.


No comments:

Post a Comment

Post Bottom Ad