දවස් 16ක බිළිදියට හම්බන්තොට අම්මා වස දමා මව්කිරි දීලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 22, 2021

දවස් 16ක බිළිදියට හම්බන්තොට අම්මා වස දමා මව්කිරි දීලා!

හම්බන්තොට මහා රෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ දින 16ක බිලිඳියකට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කළ බව කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිප්පිකුල්ම් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

මෙම කාන්තාවගේ බිලිඳිය අඩු මාසෙකින් අඩු බර සහිතව ඉපදීම නිසා ඇගේ බර යතා තත්ත්වයට ගැනීමට නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර ඇත.

සැකකාර මව දිනපතා බිලිඳියට දොවා මව්කිරි පොවන අතර සිද්ධිය වූ දිනයේ එම කිරිවලින් සැර ගන්ධයක් වහනය වූ නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඒ පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad