අමෙරිකාවෙන් ලංකාවට දරුණු ආර්ථික ප්‍රහාරයක්! රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනයෙන් ‌‌ලොකු අවාසියක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 22, 2021

අමෙරිකාවෙන් ලංකාවට දරුණු ආර්ථික ප්‍රහාරයක්! රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනයෙන් ‌‌ලොකු අවාසියක්!

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2021 වසර සදහා නිකුත් කර ඇති ආයෝජන පිළිබද ප්‍රකාශනයේ, ශ්‍රී ලංකාව ව්‍යාපාර කිරීමට අභියෝගාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉහළ ගනුදෙනු පිරිවැය සහ අනපේක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති පරිසරයක්, රජයේ සේවාවන් අකාර්යක්ෂම ලෙස ලබා දීම පිළිබදව් සදහන් කර ඇත.

සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති එම ප්‍රකාශයේ සඳහන් වන්නේ, කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කිරීම,ඥාති සංග්‍රහය සහ තථ්‍ය හෝ නීතිමය වශයෙන් අත්පත් කර ගැනීමේ හැකියාව පිළිබඳව ආයෝජකයින් සැලකිලිමත් විය යුතු බවයි.

රාජ්‍ය අංශයේ දූෂණය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක්සත් ජනපද සමාගම්වලට සැලකිය යුතු අභියෝගයක් වන අතර විදේශ ආයෝජන සඳහා එය බාධාවක් බවද එහි සඳහන් වේ.

දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රට තුළ සාමාන්‍යයෙන් ප්‍රමාණවත් නීති හා රෙගුලාසි තිබුණද, ඒවා බලාත්මක කිරීම දුර්වල බවද එහි පෙන්වා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad