20 සහාය ගනිද්දී රජය අපට ඇමතිකම් දෙනවා කියා පොරොන්දු වුණා - බදූර්දීන්ගේ පක්ෂයේ මන්ත්‍රී - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

20 සහාය ගනිද්දී රජය අපට ඇමතිකම් දෙනවා කියා පොරොන්දු වුණා - බදූර්දීන්ගේ පක්ෂයේ මන්ත්‍රී - (video)

තමන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදුන්නේ අමාත්‍ය තනතුරු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරු ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දුවක් අනුව රිෂාඩ් බදූර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පවසයි. 

තමන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන් හත්දෙනෙකු 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුවට සහාය ලබාදුන් අතර අනෙක් අයට ලැබෙනා තනතුරු තමන් නොදන්නා නමුත් තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට රජය පොරොන්දු වූ බවයි ඒ මහතා සඳහන් කළේ. 

එසේම එම පොරොන්දුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉටුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අලි සබ්‍රි රහීම් මහතා ප්‍රකාශ කළේය. 

අලි සබ්‍රි රහීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති පොල් පැළ බෙදාදීමේ රාජ්‍ය උත්සව අවස්ථාවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad