අර්බූදය උග්‍රයි! චීනයෙන් වැඩිපුර ‌ඩොලර් මිලියන 300ක් ඉල්ලයි!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

අර්බූදය උග්‍රයි! චීනයෙන් වැඩිපුර ‌ඩොලර් මිලියන 300ක් ඉල්ලයි!!

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදය පිළියමක් වශයෙන් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක මුදල ඩොලර් මිලියන 500 දක්වා වැඩිකර ලබා ගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව සති අන්ත ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබේ.

 මෙම ඩොලර් මිලියන 500ක ණය මුදල ලබාගැනීම සම්බන්ධ ගිවිසුම මේ වනවිට මුදල් අමාත්‍යංශය තුළ අධ්‍යයනය කරමින් පවතින බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ. 

එම ගිවිසුම ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය ලබාගන්නා ලෙස මුදල් අමාත්‍යංශයත්, ණය ලබා දෙන්නා ලෙස චීන සංවර්ධන බැංකුවත් සමඟ අත්සන් කිරීමට සකස් කර ඇත. 

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසගෙන සිටි අතර එහි පළමු කොටස වූ ඩොලර් මිලියන 500ක මුදලක් පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණි. 


No comments:

Post a Comment

Post Bottom Ad