ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව බේරගන්න රනිල්ගෙන් අද පාර්ලිමේන්තුවට යෝජනාවක්! ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ගැන විපක්ෂය සීරුවෙන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව බේරගන්න රනිල්ගෙන් අද පාර්ලිමේන්තුවට යෝජනාවක්! ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ගැන විපක්ෂය සීරුවෙන්!

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව ගලවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19) දිනයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව හෙට දිනයේදී වික්‍රමසිංහ මහතා විසින් ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් ලෙසට සංශෝධනය කොට ඉදිරිපත් කරන ලෙස ‌පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.

ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒම හරහා දැනටමත් ආණ්ඩුව ඇතුළේ යම්කිසි බෙදීමක් හටගෙන ඇති අතර මෙම බෙදීම වළක්වා සියලුම මැති ඇමැතිවරුන්ගේ ජන්දය ආණ්ඩුව වෙත ලබාගැනීම සදහා පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුව පාර්ශ්වයෙන් විවිධ මෙහෙයුම් කිහිපයක්ම දියත් කෙරී තිබිණ.

ඉන් එක් මෙහෙයුමක් වූයේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙසට පරිවර්තනය කර ගැනීමය.

එවිට ආණ්ඩුව බේරා ගැනීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජන්දය භාවිතා කිරීම අනිවාර්යය.

ඒ අනුව වික්‍රමසිංහ මහතා හරහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

මෙම තත්ත්වය වාර්තා වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන්ද ඊට හෙට දිනයේ ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad