මත්පැන් බෝතලවලට ඉන්දියානු Black List සමාගමකින් ස්ටිකර්.. ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට අත යට ගාණක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 21, 2021

මත්පැන් බෝතලවලට ඉන්දියානු Black List සමාගමකින් ස්ටිකර්.. ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට අත යට ගාණක් !

මත්පැන් බෝතල් සඳහා ඇලවීමට නියමිත ලේබලය සැපයුම් භාරදීමය යෝජිත ඉන්දියානු සමාගම රටවල් කිහිපයක අසාදු ලේඛනගත කළ ආයතනයක් බව වාර්තා වෙයි. එම සමාගම ශ්‍රී ලංකාවේ නියෝජිතයකු ලෙස පසුගිය රජයේ හිටපු ප්‍රබලයෙක් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක් විය.

පසුගියදා මුදල් අමාත්‍යාංශය වෙත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් නිකුත් කරමින් අදාළ ඉන්දීය සමාගම පිළිබඳව සිය මතය ද දැනුම් දී ඇත.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ මෙම ස්ටිකර් ඇලවීම හේතුවෙන් වසරකට රුපියල් බිලියන 10ක පමණ රජයට අහිමි වන බදු මුදලක් හිමිකර ගැනීමට හැකි වනු ඇති බවයි.

මෙම ස්ටිකර ඇලවීමේ ක්‍රියාවලිය මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

-lankacnews



No comments:

Post a Comment

Post Bottom Ad