ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න ජීවිතක්ෂයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 30, 2021

ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න ජීවිතක්ෂයට !

ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය ඊයේ (30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.

ඇය ගමන් ගත් වෑන් රථය නුවරඑළිය – තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad