රට මේ වන විට ගමන් කරමින් ඇත්තේ මිලිටරි ජුන්ටාවක් දෙසට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.
ආණ්ඩුව විසින් ආණ්ඩුවට එරෙහි විරෝධතා කරුවන්ට ප්‍රබල මර්දනයක් දියත් කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.
අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
තම පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර කිසිඳු එකඟතාවයක් නැති බවද ඒ මහතා පැවසීය.
‘සර් ෆේල් එන්න ඉන්න සර්ලත් ෆේල්’ යයිද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.


No comments:
Post a Comment