බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව 155කට වැඩි ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
20 වන සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේදීද මේ ආකාරයටම තමන් කී අනාවැකිය සත්‍ය වූ බව කියා සිටි අලුත්ගමගේ මහතා මෙම අනාවැකියද සත්‍ය වන ආකාරය හෙට දිනයේදී දැක ගත හැති වනු ඇති බව සදහන් කර සිටියේය.
එමෙන්ම විපක්ෂයේ ප්‍රබලයකුද ආණ්ඩුව සමග එක්වෙමින් මෙම විශ්වාසභංගයේදී ජන්දය භාවිත කරනු ඇති බවට තවත් හෙළිදරව්වක්ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළේය.


No comments:
Post a Comment