යාල පාර ගැන සජිත්ට තොරතුරු දුන් නිලධාරීන්ට තර්ජන! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

යාල පාර ගැන සජිත්ට තොරතුරු දුන් නිලධාරීන්ට තර්ජන!

යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වූ තොරතුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දුන් බවට චෝදනා එල්ල කරමින් තිස්සමහාරාමයේ රාජ්‍ය ආයතනයක නිලධාරීන්ට තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අදාළ ස්ථාන මාරු සිදු කිරීමට කටයුතු යොදමින් තිබෙන බවත්, දැනටමත් කිහිප දෙනකුට තර්ජන එල්ල වී ඇති බවත් දැනගන්නට ඇත.

යාල වනෝද්‍යානයේ පළමුවන බිම් ප්‍රදේශයෙන් අක්කර 12,000 ක පමණ ප‍්‍රමාණයක් යම් රහසිගත කටයුත්තක් වෙනුවෙන් යොදාගැනීමට රජය සැලසුම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ ඊයේ(14)ය.

ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය මැද්දේ නීති විරෝධී මාර්ගයක් ඇති කිරීමට සූදානමක් තිබෙන බව එහිදී විපක්ෂ නායකතුමා පැවසීය.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad