අලි සබ්‍රි චේතාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැමිණිල්ලක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

අලි සබ්‍රි චේතාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැමිණිල්ලක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොරෝනා පනත් කෙටුම්පතට නඩු පැවරූ නීතීඥවරයාවන අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (14) දින විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කර ඇත.

අධිකරණ ඇමති අලි සබ්‍රිරි මහතා 2021.07.12 වෙනි දින විකාශනය වූ සජීවී රුපවාහිනී සංවාද වැඩසටහනට සහභාගි වී ප්‍රකාශ කලේ “කොරෝනා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව” තමන් දැන සිටි බවයි. මේ ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතවම උල්ලංඝනය කිරීමට කටයුතු කල බව අලි සබ්‍රි මහතා පිළිගෙන තිබෙන බව පැමිණිල්ල මගින් සඳහන් කර ඇත.

-colombotoday


No comments:

Post a Comment

Post Bottom Ad