යාල වනෝද්‍යානය විනාශ කරන්නේ දැවැන්ත නිධානයක් ගොඩගන්නද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

යාල වනෝද්‍යානය විනාශ කරන්නේ දැවැන්ත නිධානයක් ගොඩගන්නද?

යාල වනෝද්‍යානය තුළ දැවැන්ත නිධානයක් ගොඩ ගැනීම සඳහා රහසිගත සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි තොරතුරු පැතිර යමින් ඇති බව සමගි ජනබලවේගය පාර්මේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි. මේ වන විට යාල වනෝද්‍යානය තුළ තෝරාගත් ප්‍රදේශයක විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

එම ස්ථානය සඳහා යාමට මාර්ග මෙන්ම හෙලිකොප්ටර් අංගන පවා ඉදිකිරීමට යෝජනා වී ඇති බවත් ඒ මහතා පෙන්වාදෙයි.

යාල රක්ෂිතය ඉතා වටිනා එකක් බවත් මෙරට වන වන සතුන් වැඩි වශයෙන් එහි වාසය කරන බවත් පැවසූ ඔහු එම වනෝද්‍යානය ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ගෙන දෙන බවත් පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad