දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න - ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට | COVID-19 Delta Variant - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න - ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට | COVID-19 Delta Variant

දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

දරුණු කොරෝනාවෛරස් ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 19 දෙනෙකු හඳුනාගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, කොළඹ, කිළිනොච්චි සහ යාපනය යන ප්‍රදේශවලින් ඔවුන් හමුවී ඇති බවය.

කෙරෝනාවෛරසය ආසාදිතයින් සම්බන්ධයෙන් ලැබී ඇති නවතම සාම්පල පරික්ෂා කිරීම හරහා මෙම රෝගීන් හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව 38ක් බවට ඉහළ ගොස් තිබේ.

"අපිට මේ අලුතින් 19ක් report වෙලා කියලයි මට ලැබිලා තියෙන ‌පණිවුඩයේ තියෙන්නේ. ඩෙල්ටා 19ක් රිපෝට් වෙනවා. කොළඹ, කිළිනොච්චිය, යාපනය. එච්චරයි මං ළඟ තියෙන්නේ. අලුත් 19ක් කියලා තමා අපිට උපකල්පනය කරන්න වෙන්නේ.

වැඩක් නෑ ඔය 38ක් කියන එක. 38 කියන්නේ මේ සාම්පල් එකකින් ගත්ත් 38ක්නේ. පළවෙනි වතාවේ 25 දෙනෙක් විතර හොයාගෙන ඒකෙන් 5ක් හොයා ගත්තා. ඒක කරේ තව 25ක් විතර ගත්තතා ම තව 19ක් හොයාලෙන තියෙනවා. ආයෙ දැන තව සාම්පල් එකක් ගත්තා ම 14ක් සැක සහිතව තියෙනවා. ඒ ටිකත් කන්ෆර්ම් කරලා ඒවත් කියනවා. හැබැයි ඒවා එකකට එකක් එකතු කරන එක කිසි තේරුමක් නෑ."

No comments:

Post a Comment

Post Bottom Ad