ආණ්ඩුව අපි කියන දේ අහන්නෙ නෑ... අපිව ඕනෙ ඡන්දෙන් දිනන්න විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

ආණ්ඩුව අපි කියන දේ අහන්නෙ නෑ... අපිව ඕනෙ ඡන්දෙන් දිනන්න විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි

බලය ලබා ගැනීමට මෙන්ම බලය ආරක්ෂා කර ගැනීමටත් ජනතාවගේ ප්‍රසාදය අවශ්‍ය බවත්, ජනතා ප්‍රසාදයෙන් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව දිනෙන් දින ජනතාවගේ අප්‍රසාදයට පත්වෙමින් යන බවත් පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. ඊට හේතුව බලය ලබා ගැනීමෙන් පසුව ජනතාව අමතක කිරීම බවයි ආනන්ද හිමි පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකතුව දැවැන්ත කාර්යභාරයක් සිදුකළ බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ ආණ්ඩුවේ නායකයන්ට භික්ෂූන් වහන්‍සේලා පවා අමතක වී ඇති බවයි. ඔවුන්ට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බලය ලබා ගැනීමට පමණක් බවද ආනන්ද හිමි පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad