බදියුදීන් බිරිය, මාමණ්ඩිය, මස්සිනා සහ තැරැව්කරු තවත් පැය 48ක් තබා ගැනීමට අධිකරණයෙන් රැඳවුම් නියෝගයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

බදියුදීන් බිරිය, මාමණ්ඩිය, මස්සිනා සහ තැරැව්කරු තවත් පැය 48ක් තබා ගැනීමට අධිකරණයෙන් රැඳවුම් නියෝගයක් !

අද (24) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිය , මාමණ්ඩිය සහ සහෝදරයා, සහ තැරැව්කරුවා යන සිව් දෙන තවත් පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිය පැය 48ක් කිරුලපන පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කිරුළන පොලිසිය කටයුතු කරනු ලබයි.

අනෙක් සැක කරුවන් තුන්දෙනා පැය 48ක කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

එසේම ඔවුන් 04 දෙනා ලබන මස 26 දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

- කීර්ති ප්‍රනාන්දු 


No comments:

Post a Comment

Post Bottom Ad