දෙසැම්බරයේ පෙරළියක්... පක්ෂයක් බලවත් වෙයි... සජිත්ටත් ආරාධනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 4, 2021

දෙසැම්බරයේ පෙරළියක්... පක්ෂයක් බලවත් වෙයි... සජිත්ටත් ආරාධනා !

මේ වසරේ දෙසැම්බර් වන විට අනෙක් සියලු දේශපාලන පක්ෂ අභිබවා යන බලවත් දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් යමක් මතක් කරන්න කැමති බව එජාප මහ ලේකම්වරයා සඳහන් කරනවා.

රට දුර්වල නොකර සියලු දෙනාටම එක තැනකට එන්නැයි විවෘත ආරාධනාවක් කරන අතර ඊට ලැජ්ජා විය යුතු නැති බවද ඔහු කියා සිටිනවා. 

ජනතාව එකතු වන ලෙස කියන නමුත් එකතු විය යුත්තේ මහගෙදරට මිස කුලී ගෙදර නොවේයැයි ද හෙතෙම සඳහන් කරනවා.

මූලිකම අරමුණ විය යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයකු බේරා ගැනීම නොව රට බේරා ගැනීම බවයි රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad