හංසමාලි කෙනෙක්ට කිලිනොච්චියේ පෙට්‍රල් ෂෙඩ් එකක් දීලා... කැබිනට් ඇමතිලාත් සම්බන්ධයි - ශානකියන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 22, 2021

හංසමාලි කෙනෙක්ට කිලිනොච්චියේ පෙට්‍රල් ෂෙඩ් එකක් දීලා... කැබිනට් ඇමතිලාත් සම්බන්ධයි - ශානකියන්

උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය යන ව්‍යාපෘති වල දූෂණ වංචා ගණනාවක් සිදුව ඇති බවත් ඒවාට කැබිනට් ඇමතිවරුන් ද සම්බන්ධ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් මහතා පවසයි. 

"උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියට දීලා තියෙනවා පෙට්‍රල් ස්ටේෂන් එකක්. මේක ගැන හොයලා බලන්න. මොකද මේ පෙට්‍රල් ස්ටේෂන් එක දීලා තියෙන කට්ටිය, මේකෙ ඉන්න ඩීලර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ එක ඩීලර් කෙනෙක් ඉන්නවා මිසිස් යූ.ජී.ඊ. හංසමාලි කියලා. හංසමාලි කියලා නම කියපු ගමන් පොඩ්ඩක් හොයලා බලයි දැන්. නෑ, නෑ, ඒ හංසමාලි නෙවෙයි මේ වෙන හංසමාලි කෙනෙක් මං හිතන්නෙ ... ඇමතිතුමා මේ ඇමතිතුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි ... 

ඒ වගේම තමයි නැගෙනහිර වසන්තය යටතේ අපි දන්නවා පිල්ලෙයාන් ඇවිල්ලා එයාට කෝටි ගණන්වල දේපළ හොයාගත්තා. මේකෙ තියෙනවා ඩොකියුමන්ට්. මට වෙලාව මදි. මේකෙ තියෙනවා ට්‍රේඩ් ලංකා කියලා කම්පැනියක්. මේ ට්‍රේඩ් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියට ඉම්පෝර්ට් කරන්නෙ කවුද කියලා හොයලා බලන්න. මේකට කැබිනට් ඇමතිවරුත් සම්බන්ධයි කියන එකත් මට මෙතන කියන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රාසමානික්කම් ශානකියන් මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග විවාදය අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad