ස්ටාලින් ඇතුලු ගුරු සංගම් 30ක් අදත් පාරට! ජනපති ලේකම් කාර්යාලය පැත්තට පාගමනේ! - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 22, 2021

ස්ටාලින් ඇතුලු ගුරු සංගම් 30ක් අදත් පාරට! ජනපති ලේකම් කාර්යාලය පැත්තට පාගමනේ! - (video)

ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටිති.

මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් පවතින බවක්ද වාර්තා වේ.

වැටුප් විෂමතාවය ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කරන්නැයි බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad