කෙරවලපිටියෙන් කොටසක් දෙන්නේ ඇමරිකාවට නොවේ.. ඇමරිකා සමාගමකටයි.. ඒ ඩොලර් නැති නිසයි..- විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 17, 2021

කෙරවලපිටියෙන් කොටසක් දෙන්නේ ඇමරිකාවට නොවේ.. ඇමරිකා සමාගමකටයි.. ඒ ඩොලර් නැති නිසයි..- විමල්

කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඒද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් ඔහු පැවසීය.

රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ ‘

No comments:

Post a Comment

Post Bottom Ad