මහින්දට පස්සෙ ඉන්න ජ්‍යෙෂ්ඨයා මම... මට කරපු වැඩේ වැරදියි... කලකිරීමක් නැත්නම් මට ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි - එස්.බී.ත් කට අරී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

මහින්දට පස්සෙ ඉන්න ජ්‍යෙෂ්ඨයා මම... මට කරපු වැඩේ වැරදියි... කලකිරීමක් නැත්නම් මට ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි - එස්.බී.ත් කට අරී!

තමාට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක මහතා පවසයි.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එස්. බී දිසානායක මහතා ඒ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින්නේ තමන් බවය.

“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.”


No comments:

Post a Comment

Post Bottom Ad