මීළග ඩොලර් බිලියන එකහමාරේ ණය ගෙවූ පසු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 30, 2021

මීළග ඩොලර් බිලියන එකහමාරේ ණය ගෙවූ පසු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා

එළඹෙන වසරේ මුල් මුලදී පියවිමට ඇති ඩොලර් බිලියන එක හමාරක මුදල පියවීමෙන් පසුව අවුරුද්දක් ඇතුලත ආණ්ඩුව ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

සාර්ක් අරමුදලින් ඩොලර් මිලියන 400, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොරෝනා වසංගතය හේතුවෙන් දෙන ඩොලර් මිලියන 800, බංග්ලාදේශයෙන් ලැබෙන මිලියන 200 හැරෙන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් ලංකාවට කිසිදු ණයක් ගැනීමට හැකියාවක් නැතැයි ද ඔහු පැවසීය.

මුල්‍ය අරමුදලේ සහතිකය ලැබුණොත් වෙනත් රටවල් ලංකාවට ණය දීමට ඉදිරිපත් විය හැකි බවද පැවසූ ඔහු චීනයෙන් බිලියන 1.5 ක මුදලක් හිමි වුවත් එය ලැබෙන්නේ යුවාන් වශයෙන් යයිද පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

අද වන විට විදේශයන්හි ඉගෙනුම ලබන මෙරට දූදරුවන්ට වියදම් සඳහා ද ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ලබා ගැනීමට නොහැකි තත්වයක් යටතේ දෙමව්පියන් කළු කඩයෙන් අධික මුදලකට ඩොලර් ගනිමින් සිටින බවද ඔහු එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad