කොතලාවල වගේ විශ්ව විද්‍යාල එදා තිබුනා නම් මං අද වෛද්‍යවරයෙක් - අරුන්දික - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 29, 2021

කොතලාවල වගේ විශ්ව විද්‍යාල එදා තිබුනා නම් මං අද වෛද්‍යවරයෙක් - අරුන්දික

තමන් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විද්‍යාල ප්‍රවේශය සමත් වී තිබුණ ද විශ්වවිද්‍යාල වල ඉඩකඩ පහසුකම් නොතිබීම හේතුවෙන් වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි වූ බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. නමුත් එකල තමනට වඩා අඩු සුදුසුකම් තිබූ දෙමව්පියන්ගේ දරුවන් ආර්ථික හැකියාව මත විදේශ රටවලට ගොස්ය පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් ඉගෙන ගෙන වෛද්‍යවරුන් වී අද සේවය කරන බවත් ඔහු පැවසීය.

නමුත් එකල කොතලාවල වැනි විශ්වවිද්‍යාල තිබුණේ නම් තමනටද වෛද්‍යවරයෙක් වීමට තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

කොතලාවල පනත මගින් සිදු කරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවද අවස්ථාව නොලබන අය සඳහා අවස්ථාවක් නිර්මාණය කිරීම බවත් ඒ මහතා සඳහන් කළේය.

ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad